Welcome To Sri Jayani Wedding Planning Service
01
ඔයත් 2025 / 2026 වර්ෂයේ විවාහ වෙන කෙනෙක් නමි ලංකාවෙම අතලොස්සක් විතර ඉන්න තරුණ සහ කම්මැලි නැතිව පෝරැවේ වැඩ කරන කපු මහත්තුරු කිහිප දෙනෙක් සහිත සන්නද්ධ අපි, එන අවුරැද්දටත් ඔබේ වෙඩින් එක ඉතා ම සාධාරණ මිලකට කරලා දෙන්න සූදානම්..
02
වැදගත්ම දේ ඇත්තටම ඔයාගෙ ලස්සනම දවසේ පෝරැවට මස්ථකාරූඪ වුණාට ප ස්සෙ කචිචි කිරිකඩ සේලයේ කවි විතරක් කියල ඒ කටයුතු කරනවා.. ඊට අමතරව මනමාල මහත්මියගේ මවිතුමියට නැලවිලි කවි කියල අඩවන්න නම් අපි උත්සහ කරන්නෙ නෑ..
03
කවදා හරි දවසක බලන්න ඉතුරු වෙන ෆොටෝ සහ වීඩියෝ කරන අයට උපරිම කාලය සහ ඉඩ දීලා ලස්සන පින්තූර ටිකක් ගන්න අවස්ථාව හදල දෙනවා..
04
අතීතය කොහොම වුණත්, මම පුද්ගලික ව විශ්වාස කරන දෙයක් තමයි තාත්තට තරම් ආශිර්වාදයක් වෙන කෙනෙක්ට දෙන්න බෑ කියන එක.
ඒ නිසා පෝරුවේ කටයුතු ඔක්කොටම (පෝරුවට මස්ථකාරූඩ කිරිමට, අතපැන් වැඩීමට, පෝරුවෙන් බැස්සවීමට) කතා කරන්නේ තාත්තට.
ඔයාගේ තාත්තට අසනිපයි නම්, අමාරු නම්, එදාට නැත්තං, මාමලාට කතා කරනවා
(මේක ඔයාලාට අවශ්‍ය විදියට කරන්න පුලුවන්).
හැබැයි පොල් බිඳින්න මාමා කෙනෙක් හරි වෙන සුදුසු කෙනෙක්ට හරි කතා කරනවා
(පොල් ගෙඩිය පිහිය ඒ ඔක්කොම අපි ගේනවා).
හැබැයි මේ ලස්සන දවසේ තාත්තගේ, මාමලාගේ හෙයා ස්ටයිල් එක කැත කරන්න ලේන්සු, තුවා බඳින්න උනන්දු වෙන්නේ නෑ (ඔයාට එහෙම කරන්න අවශ්‍ය නම් නොසලකා හරින්නෙත් නැ).
05
ඔයාගේ පෝරුවේ කටයුතු වලට නැකැත් මහත්තයා දෙන්නේ විනාඩි 10 ද, 20 ද, පැය ද කියන එක ගැටලුවක් නැ.
ඒ කටයුතු සුදුසු විදිහට ඒ නැකැත් වලට අනුව කරලා දෙනවා.
උදේ පෝරුවේ කටයුතු ද, හවස පෝරුවේ නැකත් ද, කියන එක ගැටලුවක් නැ.
මොකද ගොඩක් හොඳ නැකැත් හවසටත් තියෙනවා කියල අපි දන්නවා.
06
ඔයා පැකේජ් එකක් ගත්තාට පස්සේ නුවර, කුරුණෑගල, මීගමුව සහ කොළඹ යන ප්‍රදේශ සඳහා අපි අමතර ගමන් හෝ වෙනත් වියදම් කියලා අමතර මුදල් ඉල්ලන්නේ නැ.
අපි අපේ ආහාර පාන ආදි අවශ්‍ය දේවල් කළමණාකරණය කරගන්න නිසා, අපි වෙනුවෙන් හෝටලයේ ආහාර හෝ අමුත්තන් එකතුවට අපිව එකතු කරගන්න ඕනි නැ.
07
කොහොමත් අපි මුලින් දුරකථන මාර්ගයෙන් හෝ හමුවෙලා හෝ එදා දවසේ වේලාවන් සහ චාරිත්‍ර කටයුතු පිළිබඳ සාකච්ඡා කරලා, සැලසුමක් හදා ගන්නවා.
එනිසා අපි කොහොමත් නැකැත් වේලාවට ගොඩක් කලින් ඇවිත් අවශ්‍ය දේවල් පිළියෙල කර ගන්නවා.
08
කිරිකල වලට අවශ්‍ය කරන රැක් සහ අයිස්, උණු වතුර, කිරි මේ ඔක්කොම ගේනවා.
සෞභාග්‍ය මේසයට අදාළ දේවල් ගේනවා.
අවශ්‍ය නම් මේසයත් අපි ගේනවා.
පෝරුවේ කටයුතු
වෙස් නැටුමි කණ්ඩායම්
ජයමංගල ගාථා
කිරිකල
කාන්තා නැටුම් කණ්ඩායම්
සෞභාග්‍ය මේසය
කිරිකල
ෂැමිපේන්
පන්ජාබි ඩෝල්
සලුපාලිය
වෙඩින් කප්කේක්
දවසේ ප්ලෑනින් වගේ ම සමිබන්ධීකරණය බොහොම ලස්සනට කරලා දෙනවා.